තාර්කික ද්වාර

Logic gates

තාර්කික ද්වාර

වර්තමාන අංකිත තාක්ෂණයේ මුලිකාංගයක් ලෙස තාර්කික ද්වාර හැඳින්විය හැකිය. අංකිත තාක්ෂණයට අනුව දත්ත සැකසීම, ගබඩා කිරීම හා හුවමාරුව සිදුකරනු ලබන්නේ විදුලිමය තත්ව දෙකක් උපයෝගී කරගනිමිනි. විදුලිය පවතින අවස්ථාව (+Vs) විදුලිය නොපවතින අවස්ථාව (0V ) ලෙස සලකමින් 1 හා 0 ව ලෙස සියලු දත්ත නිරුපණය කිරීම සිදුකරයි. මෙම විදුලිය (විදුලි සංඥා) ගමන් කරවීම පාලනය කිරීම එනම් විදුලිය ගමන් කරවීම හෝ ඇණහිට වීම  සඳහා තාර්කිත ද්වාර භාවිතයට ගනියි.  මෙම තාර්කිත ද්වාර විදුලිය ගමන් කරවීමට ඉඩ සැලසීවීම, ගමන් කරවීම වැලැක්වීම හෝ විදුලිය නොමැති විටක විදුලිය සැපයීම වැනි කර්යයන් වල නියලේ. මෙම තාර්කිත ද්වාර වල ක්‍රීයාකාරිත්වය අවබෝධ කරගැනීම තුළින් විද්‍යුත් පරිපථ වල ක්‍රියාකාරිත්වය අවබෝධ කොට ගත හැකිය.

තාර්කික ද්වාරයක් ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකතුකර සකසා ඇත. තනි ට්‍රාන්සිස්ටරයක ක්‍රියාවලිය NOT ද්වාරයකට සමාන වුවද ප්‍රායෝගිකව NOT ද්වාරය තනි ට්‍රාන්සිස්ටරයකින් නිර්මාණය නොකරයි.

මෙම තාර්කික ද්වාර වල ක්‍රියාකාරිත්වය ඉදිරිපත් කිරීම සඳහා සංකේත කිහිපයක්  ඉදිරිපත් කර ඇත. එම සංකේත මගින්  තාර්කිත ද්වාර ඉලෙක්ට්‍රෝනික පරිපථ වල සටහන් කිරීම සිදුකරයි.

මූලික තාර්කික ද්වාර හතකි

1.       AND

2.       OR

3.       NOT

4.       NAND

5.       NOR

6.       XOR

7.       XNOR

AND තාර්කික ද්වාරය

මෙම ද්වාරය ආදානයන් හා ප්‍රතිදානයකින් සමන්විත ද්වාරයකි. ආදානයන් දෙකක් හෝ වැඩි ගණනක් තිබිය හැකි වුවත් ඇත්තේ එක් ප්‍රතිදානයකි. මෙහි ප්‍රතිදානය 1 බවට පත්වීමට නම් සියලු ආදනයන් 1 විය යුතුය.එක් ආදානයක් හෝ 0 වන්නේ නම් ප්‍රතිදානය 0 වේ.

AND

OR තාර්කික ද්වාරය

මෙම ද්වාරයත් ආදානයන් හා ප්‍රතිදානයකින් සමන්විත ද්වාරයකි. ආදානයන් දෙකක් හෝ වැඩි ගණනක් තිබිය හැකි වුවත් ඇත්තේ එක් ප්‍රතිදානයකි. මෙහි ප්‍රතිදානය 1 බවට පත්වීමට නම් ඒක් ආදානයක් වත් 1 විය යුතුය. ප්‍රතිදානය 0 වීමට නම් සියලුම ආදානයන් 0 වියයුතුය.

OR

NOT තාර්කික ද්වාරය

මෙම ද්වාරයේ ඒක් ආදානයක් හා එක් ප්‍රතිදානයක් පිහිටා ඇත. මෙම ද්වාරය පරිවර්තක ද්වාරය නැතහොත් අනුපූරක ද්වාරයක් ලෙස හදුන්වනු ලැබේ. එයට හේතුවන්නේ දෙන ලබන ආදානය පරිවර්තනය කරමින් ප්‍රතිවිරුද්ධ තර්කනයක් ඉදිරිපත්කිරීමයි. එනම් 0 ආදානය කරනවිට 1 බවටත් 1 ආදානයකරන විට 0 බවටත් පරිවර්තනය කරනු ලබයි.

 NOT

NAND (NOT+AND)  තාර්කික ද්වාරය

මෙම තාර්කික ද්වාරය AND ද්වාරයේ ප්‍රතිදානයන් ප්‍රතිෂේධය (පරිවර්තනය) වීම තුළින් සියලු ආදානයන් 1 වන විට පමණක් ප්‍රතිදානය 0 බවට පත්වේ. එක් ආදානයක් හෝ 0 වී තිබෙන විට ප්‍රතිදානය 1 වේ.

NAND

NOR (NOT + OR) තාර්කික ද්වාරය

මෙම තාර්කික ද්වාරය OR ද්වාරයේ ප්‍රතිදානයන් ප්‍රතිෂේධය (පරිවර්තනය) වීම තුළින් සියලු ආදානයන් 0 වන විට පමණක් ප්‍රතිදානය 1 බවට පත්වේ. එක් ආදානයක් හෝ 1 වී තිබෙන විට ප්‍රතිදානය 0 වේ.

 NOR

XOR තාර්කික ද්වාරය

මෙම තාර්කික ද්වාර‍යේ ආදානයන් දෙක සඳහා සමාන ධාරවක් ලැබෙන සැම අවස්ථාවකදීම ප්‍රතිදානය 0 ලැබේ. ප්‍රතිවිරුද්ධ ධාරාවන් ආදානය වෙත ලැබෙන අවස්ථාවලදී  1 ලැබේ.

XOR

 

XNOR තාර්කික ද්වාරය

මෙම තාර්කික ද්වාරය XOR ද්වාරය හා NOT ද්වාරය එකතු වී සෑදී ඇත. එම නිසා XOR ද්වාරයේ ප්‍රතිදානයන් ප්‍රතිෂේධය (පරිවර්තනය) වීම තුළින් XOR ප්‍රතිදානය 0 XNOR වලදී  1බවට පත්වේ

 

 XNOR

 

 

 

 සංයෝජිත තාර්කික ද්වාර වල ක්‍රියාකාරිත්වය හදුනා ගැනීම

lces1

 

 

 

 මෙම සංඛ්‍යාංක පරිපථවල බූලීය ප්‍රකාශය ලියා සත්‍යතා වගු නිර්මාණය කරන්න.

no2

 

තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණය

තොරතුරු හා සන්නිවේදනය පිළිබඳ නවීනතම තාක්ෂණයන් පිළිබඳ මෙම විෂය තුළින් අවධානයට යොමු කර ඇත.
මෙහිදී තොරතුරු නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම, ගබඩාකිරීම, සම්පේ‍්‍රෂණය කිරීම හා සම්පේ‍්‍රක්ෂිත තොරතුරු ග‍්‍රහනය කිරීම වැනි කාර්යන් සඳහා භාවිත නවීන තාක්ෂණය (විද්‍යුත් අංකිත තාක්ෂණය) හා එය කාර්යක්ෂමව යොදාගන්නා ආකාරය පිළිබඳ විමසා බැලීම සිදුකෙරේ.
මිනිසා තොරතුරු හා කටයුතු කිරීම ආරම්භ කරනු ලබන්නේ මිනිසාගේ මෙලොව පහල විමත් සමගයි. එතැන් සිට අද දක්වා මිනිසා සියඑ බාධා විරහිතව තොරතුරු හා කටයුතු කිරීමට දරනලද උත්සාහය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හදුනාගත හැකිය.
මිනිසා ගල් යුගයේ සිට වර්තමානය දක්වා පරිනාමනය විමේදී විවිධ ආකාරයෙන් තොරතුරු භාවිතයට ගන්නා ලදී. එම යුග වල ප‍්‍රධාන කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය පරිදි තොරතුරු හා තොරතුරු භාවිත ක‍්‍රමවේදයන් මිනිසා විසින් සකස්කර ගන්නා ලදී. ආරම්භයේදී විධිමත් භාෂාවක් නොවු හෙයින් මිනිසා සිය තොරතුරු අනෙකෙකු වෙත සන්නිවේදනය කරවීම උදෙසා අංග චලනය මෙන්ම විවිධ හඬ වල උපයෝගි කොට ගන්නා ලදී. ඉන් පසු විධිමත් සන්නිවේදනයක් උදෙසා භාෂාව ඉතා වැදත් අංගයක් විය. භාෂාව මගින් විධිමත්ව සංකීර්ණ තොරතුරක් ප‍්‍රකාශ කිරීමට හැකිවිය. එතැන් සිට මේ දක්වා තොරතුරු කළමනාකරණය හා සන්නිවේදනය උදෙසා විවිධ ක‍්‍රම මිනිසා විසින් භාවිතයට ගන්නා ලදී. එහිදී එම යුගයට අයත් තාක්ෂණය තොරතුරු කළමනාකරණය සඳහා යොදා ගන්නා ලදී. නමුත් ඈත යුගවල තාක්ෂණය ඉක්මවා තොරතුරු බලවත් නොවුයේ එවන් යුගවල තොරතුරු එතරම වැදගත් කාර්යයක් ඉටු නොකල නිසා විය හැකිය. අධ්‍යාපනය හා දැනුම ඉතාමත් වැදගත් වන වර්ථමාන යුගයේ  තොරතුරු ඉතා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. එම නිසා වර්තමානයේ තොරතුරු ඉතාමත් වටිනා සම්පත බවට පත්ව ඇත. මේ නිසා වර්තමානය තොරතුරු යුගය ලෙස හදුවනු ලැබේ. එය එසේ හැදින්වීමට හේතු වී ඇති කරුණු කිහිපයකි.
1.    දැනුම මත පදනම් වු සමාජයක් බිහිව තිබීම.
2.    තොරතුරු සන්නිවේදනයට සම්බන්ධ උපකරණ හා මෙවලම් වැඩි වේගයකින් වර්ධනය විම.
3.    තොරතුරු සන්නිවේදන තාක්ෂණය අනෙකුත් ක්ෂේත්‍ර වල සංවර්ධනය උදෙසා යොදා ගැනීමේ හැකියාව.
4.    තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ රැකියා විශාල ප‍්‍රමාණයක් බිහිවීම
5.    ආර්ථික අතින් ඉතා විශාල මුදලක් සොයා ගැනීමට හැකි ක්ෂේත්‍රයක් බවට තොරතුරු සන්නිවේදන තාක්ෂණය පත්ව තිබීම.

නව